1990 පෙබරවාරියකදී ඝාතනය කෙරුණු රිචඩ් ද සොයිසාගේ මව, මනෝරාණි සරවනමුත්තු මහත්මිය, එයින් එකළොස් වරසකට පසු එළඹි පෙබරවාරියකදී වෙන්ව ගියාය. දහසය වසරකින් පසු ආයෙමත් පෙබරවාරියකි.
අ
ම්මා ඇවිද යයි
වෙරළ මත...
පෙණ කැටි
බිඳී විසිරෙයි
දිය බිඳක් එකතු කරමින්
සුළඟට....
.............................
හිරු එළිය
වෙරළ මත වැතිරි උදයක
ඔබව ගෙනැවිත් ඇරළුව
රළ පෙළක්
ආයෙමත් ඇවිදින්
හැපී - පෙණ බිඳී
ආපසු හැරෙයි
දහවල් හිරු රැසින්
රත් වූ වැල්ල මත
කකුළුවෙක් මතුවී
නැවතත් සැඟව යයි
ඔබේ නින්දට
බාධා නොකොට
කළුවර හෙමින් ඇවිදින්
වැල්ල මත ඉඳගෙන
තරුවෙන් තරුව ඇහැරවා
ගැඹුරු මුහුදට අතහරියි
ඔබ නිදාහුන් තැනටම
‘ඉතින්
තනියක් කොහෙද
මේ වෙරළ මත - මට‘
.............................
අම්මා ඇවිද යයි
වේලාසනින්
ඔබ ඇවිත් සිටි
වෙරළ මත....
පෙණ කැටි
බිඳී විසිරෙයි
දිය බිඳක් එකතු කරමින්
සුළඟට.....
ජීවනී සෙනෙවිරත්න
© JDS