සමුගැනීමේ තිළිණය


ත්තල් සමයෙහිදී ඔබ
තැබුවෙහිය මහදෙහි
දින පොතක්
එතුළ එය බිඳිණි
මිලියනයක් නිමේෂයකට
දැවෙන රුදු වේදනා
අපේක්‍ෂාවෙන් මඟ බලා සිටින

කුරිරුය ඒ තිළිණය
දැන් ඔබට
වි‍යෝ වී සිටිය හැක
වසරක්ම
ඉනුත් පසු වුව

නොදනිති ද ඔබ එය
පිපිර ගිය දින පොතෙහි
කැබලි සුන් බුන්
ඉතිරි වේ වැළලී
ඇට මිදුළු තුළ
මුසුව අන් මතකයන් හා

නත්තල් සමයෙහිදී ඔබ
දුන්නෙහිය මට දින පොතක්
නව වසර මහළු වී යන්නටත් පෙර,
එද එහි,
සුදෝ සුදු පැහැති
හිස් පිටු විලස
මමද මළගිය අයෙක් විමි

 

රිචඩ් ද සොයිසා


අනුවාදය: දයාසේන ගුණසිංහ (1992)