Killed media workers

2007 දී ඝාතනය/අතුරුදහන් වූ මාධ්‍යවේදීන්

Intro | 2004 | 2005 | 2006 | 2007 | 2008 | 2009 | 2010


නම: එස්. රවීන්ද්‍රන්
වෘත්තිය:  මාධ්‍ය සේවක
ඝාතනයට ලක් වූ දිනය: 2007 පෙබරවාරි 12 දින යාපනයේ දී

පසුබිම් තතු: යාපනයේ දිනපතා 'නමදු ඊළනාඩු' දෙමළ  පුවත්පතෙහි මුද්‍රණ යන්ත්‍ර ක්‍රියාකරුවෙකු ලෙස සේවය කළ අතර  යාපනයේ කෝපායි හි පිහිටි ඔහුගේ නිවසට කඩාවැදුණු නාඳුනන තුවක්කුකරුවන් විසින් වෙඩි තබා ඝාතනය කරන ලදී.

නම: සුබ්‍රමනියම් රාමචන්ද්‍රන්
වෘත්තිය:  මාධ්‍යවේදී
අතුරුදහන් වූ දිනය: 2007 පෙබරවාරි 15 දින යාපනයේ දී

පසුබිම් තතු: දිනපතා දෙමළ පුවත්පත් දෙකක් වන 'යාල් තිනක්කුරල්' සහ 'වාලම්පූරි' හි වඩමරාච්චි වාරුතාකරු ලෙස සේවය කරන ලද අතර විශාල ලෙස හමුදාකරණයට පාත්‍රකොට ඇති වඩමරාච්ච් ප්‍රදේශයේ කරවෙඩ්ඩි හිදී සන්නද්ධ පිරිසක් විසින් පැහැරගන්නා ලදුව අතුරුදහන් විය.

නම: චන්ද්‍රබෝස් සුදාහර්
වෘත්තිය:  මාධ්‍යවේදී
ඝාතනයට ලක් වූ දිනය: 2007 අප්‍රේල් 16 දින වවුනියාවේ දී

පසුබිම් තතු: 'ඊළනාදම්', 'වෙලිච්චම්', 'ඊළනාඩු',  'කාලච්චෝඩු' සහ 'වීරකේසරී' ඇතුළු බොහෝ දෙමළ ප්‍රකාශනයන්ට නිත්‍ය ලේඛන දායකත්වය සැපයූ අයෙකි. අත් අකුරින් ලියා පළකරන ලද 'නිලම්' පුවත් පත සංස්කරණය ලද්දේ ද ඔහු විසිනි. වවුනියාවේ තිරුනාවට්කුලම් හි පිහිටි ඔහුගේ නිවසේ දී නාඳුනන තුවක්කුකරුවන් සිව්දෙනෙකු විසින් වෙඩි තබා ඝාතනය කරන ලදී. 

නම: සෙල්වරාසා රජීවර්මන්
වෘත්තිය: මාධ්‍යවේදී
ඝාතනයට ලක් වූ දිනය:  2007 අප්‍රේල් 29 දින යාපනයේ දී

පසුබිම් තතු: 'තිනක්කුරල්' සහ 'නමදු ඊලනාඩු' පුවත්වලට සම්බන්ධව සිට පසුව යාපනයේ දිනපතා 'උදයන්' පත්‍රයෙ හි කාර්‍යමණ්ඩල වාර්තාකරුවෙකු වශයෙන් පුහුණු ලබමින් සිටියදී යතුරුපැදියකින් පැමිණි නාඳුනන තුවක්කු කරුවකු විසින් යාපනයේ නාවලර් පාරේ දී වෙඩි තබා ඝාතනය කරන ලදී.

නම: සහදේවන් නිලක්ෂන්
වෘත්තිය:  මාධ්‍යවේදී
ඝාතනයට ලක් වූ දිනය: 2007 අගෝස්තු 01 දින යාපනයේ දී

පසුබිම් තතු: යාපනය විශ්ව විද්‍යාලයේ මාධ්‍ය සමීක්ෂණ හා පුහුණු ආයතනයේ ජනමාධ්‍ය විෂය හැදෑරීමෙහි නිරතව සිටි අර්ධ කාලීන මාධ්‍යවේදියෙකි. යාපනය දිස්ත්‍රික් ශිෂ්‍ය බලමණ්ඩලය විසින් පළකරන ලද ජනප්‍රිය ශිෂ්‍ය ප්‍රකාශනයක් වූ 'සන්ගම්' සඟරාවේ  සංස්කාරකවරයෙක් වශයෙන් කටයුතු කරන ලදී. යතුරු පැදියකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවන් විසින් යාපනයේ බටහිර කොකුවිල් හි දුම්රිය පොළ පාරේ ඔහුගේ නිවස ඉදිරිපිට දී වෙඩිතබා  ඝාතනය කරන ලැබුණි.

නම: අන්තෝනිපිලෛ ෂෙරීන් සිත්තිරන්ජන්
වෘත්තිය:  මාධ්‍ය සේවක
අතුරුදන් වූ දිනය: 2007 නොවැම්බර් 05 දින යාපනයේ දී

පසුබිම් තතු:  යාපනයේ දිනපතා පළවන 'යාල් තිනක්කුරල්' පත්‍රයෙහි බෙදාහැරීම් නියෝජිතයෙකු ලෙස කටයුතු කරන ලදී. පුවත්පත් බෙදාහැරීම සඳහා යමින් සිටියදී අතුරුදන් විය. 


නම: වඩිවේලු නිර්මලරාජ්
වෘත්තිය:   මාධ්‍ය සේවක
අතුරුදන් වූ දිනය: 2007 නොවැම්බර් 17 දින යාපනයේ දී

පසුබිම් තතු: යාපනයේ දිනපතා 'උදයන්' පුවත්පතෙ හි සෝදුපත් බලන්නෙකු වශයෙන් සේවය කළ අතර රාත්‍රී සේවා මුරය නිමාවී කච්චේරි නල්ලූර් පාරේ සිය නිවෙස කරා පා පැදියකින් යමින්  දී අතුරුදන් විය.

නම: ඉසෛවිළි චෙම්පියන් (සුභාජිනී)
වෘත්තිය:  මාධ්‍යවේදී
ඝාතනයට ලක් වූ දිනය:  2007 නොවැම්බර් 27 දින කිලිනොච්චියේ දී

පසුබිම් තතු: දෙමළ විමුක්ති කොටි සංවිධානයට සම්බන්ධ 'කොටි හඬ' ගුවන් විදුලියේ නිවේදිකාවකි. ශ්‍රී ලංකා රජයේ ගුවන් හමුදාව විසින් ගුවන් විදුලි ආයතන ගොඩනැගිල්ලට එල්ල කරන ලද ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත් විය. ප්‍රහාරය එක්සත් ජාතීන්ගේ යුනෙස්කෝ ආයතනය මෙන්ම 'දේශසීමා රහිත මාධ්‍යවේදියෝ' සංවිධානය මඟින් හෙලා දකින ලදී.

නම: සුරේෂ් ලිම්බියෝ 
වෘත්තිය:  මාධ්‍ය සේවක
ඝාතනයට ලක් වූ දිනය: 2007 නොවැම්බර් 27 දින කිලිනොච්චියේ දී

පසුබිම් තතු: දෙමළ විමුක්ති කොටි සංවිධානයට සම්බන්ධ 'කොටි හඬ' ගුවන් විදුලියේ තාක්‍ෂණික නිලධාරියෙකි. ශ්‍රී ලංකා රජයේ ගුවන් හමුදාව විසින් ගුවන් විදුලි ආයතන ගොඩනැගිල්ලට එල්ල කරන ලද ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත් විය. ප්‍රහාරය එක්සත් ජාතීන්ගේ යුනෙස්කෝ ආයතනය මෙන්ම 'දේශසීමා රහිත මාධ්‍යවේදියෝ' සංවිධානය මඟින් හෙලා දකින ලදී.

නම: ටී. ධර්මලිංගම්
වෘත්තිය:  මාධ්‍ය සේවක
ඝාතනයට ලක් වූ දිනය: 2007 නොවැම්බර් 27 දින කිලිනොච්චියේ දී

පසුබිම් තතු: දෙමළ විමුක්ති කොටි සංවිධානයට සම්බන්ධ 'කොටි හඬ' ගුවන් විදුලියේ සේවය කරමින් සිටියදී  ශ්‍රී ලංකා රජයේ ගුවන් හමුදාව විසින් ගුවන් විදුලි ආයතන ගොඩනැගිල්ලට එල්ල කරන ලද ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත් විය.  ප්‍රහාරය එක්සත් ජාතීන්ගේ යුනෙස්කෝ ආයතනය මෙන්ම 'දේශසීමා රහිත මාධ්‍යවේදියෝ' සංවිධානය මඟින් හෙලා දකින ලදී.

නම: ඩබ්ලියු. ගුණසිංහ
වෘත්තිය: මාධ්‍යවේදී
ඝාතනයට ලක් වූ දිනය: 2007 දෙසැම්බර් 05 දින කැබිතිගොල්ලෑව දී

පසුබිම් තතු: දිනපතා 'දිවයින' පුවත්පතෙහි ප්‍රාදේශීය වාර්තාකරුවෙක් වශයෙන් කටයුතු කළේය. උතුරු මැද පළාතේ කැබිතිගොල්ලෑවේ යකාවැව දී දෙමළ විමුක්ති කොටි සංවිධානයේ සාමාජිකයින් විසින් මාර්ගයට යාබදව අටවන ලද ක්ලේමෝ බෝම්බ ප්‍රහාරයකට ගොදුරු වූ මගී බස් රථයේ ගමන් ගනිමින් සිටියදී ජීවිතක්‍ෂයට පත් විය.