දෙමළ විරෝධී ප්‍රචණ්ඩත්වයේ ඉතිහාසය:

යුක්තිය ලෙයින් මැඩලූ
අඩසිය වසක් ගැන විමර්ශනයක්

 

JDS සංස්කාරක මණ්ඩලය


'අතීතය පාලනය කරන්නා අනාගතය පාලනය කරන අතර වර්තමානය පාලනය කරන්නා අතීතය පාලනය කරතැ' යි ජෝර්ජ් ඕර්වල් 1984 කෘතියෙහි ලියයි. එමගින් අපේ යථාර්ථය ද හකුළා දැක් වේ. අතීතය සම්බන්ධයෙන් අපේ අවබෝධය පාලනය කරන්නේ අපේ වර්තමානයත්, ඒ නිසාම අපේ අනාගතයත් පාලනය කරන්නන් විසිනි. නිල ඉතිහාසයෙන් මකා දමන ලද රාජ්‍ය අපරාධකාරීත්වය විධිමත්ව ලේඛනගත කිරීමට දරන සෑම විකල්ප ප්‍රයත්නයක්ම ඒ දුස් චක්‍රය බිඳින කැරැල්ලකි.

සමානත්වය සඳහා වූ දෙමළ ජනයාගේ යුක්ති සහගත ඉල්ලීම මතුව ආයේ වැල්වැටිතුරෙන් මතු වූ කෝපාන්විත ගැටවරයෙකුගේ තුවක්කු කඳින් නොවේ. ඒ සයුක්තික ඉල්ලීම ලෙයින් සහ යකඩින් ප්‍රචණ්ඩ ලෙස මැඩලීම ආරම්භ වූයේ තින්නවේලියේ දී පුපුරා ගිය බිම් බෝම්බයකට ප්‍රතිචාර වශයෙන් ද නොවේ.

නිල ඉතිහාසය වනාහී කලින් පිස, බෙදා මේසයට අරින ලද භෝජනයකි. කුසීත සිත් ඇත්තෝ එය බුදිති. මේ ලිපි පෙළ ඒ පිළිවෙතට එරෙහිව යයි.

නිල ඉතිහාස කතාවක් ලියා ඇත්තේ ඇයිදැයි දැනගැනීමට රිසි නම්, නොලියන ලද ඉතිහාස පරිච්ඡේද කවරේදැයි විමසා බැලිය යුතු ය. මේ ලිපි පෙළ ඒ නොලියූ ඉතිහාසය විමසා දැන ලියා තැබීමේ වෑයමකි.

එනයින්, කැරැල්ලකි.


2016.08.04    කළු ජූලිය හා දෙමළ විරෝධී ප්‍රචණ්ඩත්වයේ ඉතිහාසය - I


2016.08.09    දෙමළ විරෝධී ප්‍රචණ්ඩත්වයේ ඉතිහාසය IIඋක් වගා බිම් ලෙයින් තෙත්කළ '58


2016.08.22    දෙමළ විරෝධී ප්‍රචණ්ඩත්වයේ ඉතිහාසය III: දෙමළ ජනයා සත්‍යග්‍රහ සටන් බිමට


2016.09.06   දෙමළ විරෝධී ප්‍රචණ්ඩත්වයේ ඉතිහාසය IV: අවිගත් සේනා යාපනයේ කච්චේරි භූමිය වටළති


2016.09.30    දෙමළ විරෝධී ප්‍රචණ්ඩත්වයේ ඉතිහාසය V : ලාංකීය 'සාර්' හෙවත් එන්. කිව්. ඩයස් පුරාවෘත්තය


2016.10.17    දෙමළ විරෝධී ප්‍රචණ්ඩත්වයේ ඉතිහාසය VI : අවිහිංසාවේ කාහළයෙන් දෙමළ ගම් බිම් පිබිදේ


2017.05.23  දෙමළ විරෝධී ප්‍රචණ්ඩත්වයේ ඉතිහාසය VII: 'ජාතික ව්‍යාපාර වැඩෙන්නේ ත්‍රස්තය සහ පීඩනයෙනි'