තුටු පණිවිඩ

 

 

නඳුරේ කෑ ගසන කුරුල්ලන්
ගෙන එයිද තුටු පණිවිඩ...
එතැන ඇති කතා ගැන
කිසිවෙකුත් ළතවේද?

උරහිසට පිටුපා ළතැවුලක්
යාදිනන පිළිරුවක්
පිටුපසින් ඇදෙන බව
දැන් දැනෙයි, දැන් දැනෙයි

අපේ නොවන කතා...
අනුන්ගේ යාතිකා
අපට නුහුරු කන්කරච්චල්
අපේ සවනට අමිහිරියි - අමිහිරියි

කුහුඹුවනේ අපට පෑගියල්ලා
කුහුඹු තටුවක නෑඹුලක්
නාඳුනන පා යුගවල
අයිතිකරුවන් අපි ය

යාචකයන් සේම ගණිකාවෝද
වියරුවෙන් හඬාගෙන
එවුන්ගේ දුක් කියාගෙන
එකම මං තීරුවල පය තබති

දුම් ගසා එළවිය හැකිය කුරුල්ලන්
එනමුදු උන් ලියා තබන රහස්
අහස් කවුලුවල
කාට හැකිවෙද මකා දැමුමට

මුහුදු පතුලේ වැලි තරම් බර ය
වෙසඟනන්ගේ හැඬුම්
දුප්පතුන්ගේ සුසුම්
මේ ගැනත් කවුරුවත් ගැයුවාද.......

 

කුමාරි ප්‍රනාන්දු


© JDS