සුලක්ෂන්

 

(තම නඩුව අනුරාධපුර උසාවියට මාරු නොකරන්නැයි ඉල්ලා සුලක්ෂන් ඇතුළු දෙමළ කතා කරන දේශපාලන සිරකරුවන් තිදෙනෙක් උපවාසයේ. )

ගේ කවියට
කකුල් නෑ සුලක්ෂන්
මට පියාපත් නෑ
උඹට දෙන්නට

ඉගිලිලා යන්නට
මේ දූපතෙන් ඉහළට
අවතැන් නොවන බිමකට

දෙස්පලු විචාරා
පිටාරා ගලනකොට
දියවෙන ජීවිත උඩ
කිරිබත් කන එක මිස
හුරු නෑ සුලක්ෂන්
මොනවත් මෙහෙට

හුස්මගන්'නෙකටත්
පොලු මුගුරු ඔසවන
කන බොන සෙනඟ මිස
මිනිස්සු නෑ මෙතැන

මගෙ කවියට
කකුල් නෑ සුලක්ෂන්
මට පියාපත් නෑ
උඹට දෙන්නට

 

සංජුලා ඕෂිණී පීටර්ස්


© JDS