හඬ නඟන තරු ඇස

 

 

ද වැටුණු තරු සුසානය ළඟ
අහස් බලකොටුවක සිරගත
තාරකාවකි තනිව ඇවිළෙන

සඳ දිය පවා දැදුරුව
අතුරුදන් වෙන මොහොතක
විෂ හී උල්කාපාත වැසි මැද
හඬ නගන ඒ තරු ඇස

හද බිඳෙන මළ පාළු රෑ යම
මියෙන තරු ඇහැරවන
හඬ නගන ඒ තරු ඇස

බියකරු ම නිහඬ සලුවෙන් වැසුණ
දුක්බර ම මතක අමතකව ගිය
පොලෝ ගැබ පහළිනි- නින්දෙනි

එනමුදු තනි තරුව නොනිවෙයි
අහස් බලකොටුවේ අන්ධකාරේ
සිරගතව දැවි දැවී ඇවිළෙයි

ඒ හඬ කිසිත් නොමියෙයි
කිරි සයුර පවා කැලඹෙයි!!!

 

කත්‍යානා අමරසිංහ


© JDS