තුරුණු මෙනෙවිය

 

ම්හලේ කෙළවරම බණ අහන සිත් සේ..
තුරුණු මෙනවිය සුදට පිරිපුන්ව දිස්වේ..

කිසිම දිනෙක නොවඳින මා වෙත පැමිණ..
සිටිය උවැසියක් වේ නම් ඇය පමණ..

දහම මී ලෙසින් ගෙන අතුරවමි ඈ සවණ..
තුරුණු මෙනවිය හිඳී අනලස්ව එකලස්ව..

ඇතැම් බණ කතා මැද මිණි මෙවුල් බිම වැටෙන..
තුරුණු මෙනවිය තිරව කෙළවරම සන්සුන්ව..

පලින් පල දැක ඇතත් උවැසි නෙත් අඩවන්ව..
තුරුණු මෙනවිය තිරව කෙළවරම සන්සුන්ව..

දිනෙක දෙසුම අවසන නොනැගිටම රැදී..
බලන විටක ඈ කොයි අත යාද ඇදී..
දනන් පින් සිත්ව නික්මුනි මගට වැටී..
සඳක් රෝද පුටුවක අත් මුදුන් බඳී..

 

ටිම්රාන් කීර්ති


© JDS