තරු ඇස් නිවුණු පසු

 

පු කුහරයක් ඇතුළත
ඒ වේදනාවට
හැමදාම ලැබුණේ
අන්තිම නරක තැන!

අන්ධකාරේ..
ආකාස ගුහා කැළඹුව
තරු ඇස් මියෙන විට....

නේත්‍රා යට කඳුළු හංගන
පපු කුහරයක් ඇතුළත....
ඒ වේදනාවට
හැමදාම ලැබුණේ
අන්තිම නරක තැන!

පපුව ඇතුළත අඳුරු සිර කුටියක
වේදනාවකට මියෙන්නට ඉඩ හැරියම
සනීපයි නොවෙද කාටත්...
පිච්චෙන උණු කඳුළු මොකටද
පපු කුහරයකට වුණත්?

කොහිද ඒ වැළලුණු තරු ඇස්
කළු කුහරයක් ඇතුළටම ගිය තරු ඇස්?
මතකයෙහි ගිල්වා හැංගුව
අතුරුදන්වූ තරු ඇස්!

පපු කුහරයකට වුණත්
සැනසීම ලැබෙන්නේ
හංගන තරමට ය..
එළියට ආ සැණින්
පපුව සත් කඩකට පුපුරවන
වේදනාවක්...!

 

කත්‍යානා අමරසිංහ


© JDS