නල්ලූර්

 

ම දකින්නෙමි
දහා'ට වසරකට පසු
මේ මෙතැන
නල්ලූර් දෙවොල පසුපස.

ඒ මෙතැන.
සිංහල සෙබළ මෘත කලේබර
ප්‍රදර්ශනයට ගෙනැවිත් දැමූ තැන.

ඒ මෙතැන.
මුරුගන් කන්දන් වූ,
කන්දසාමි, කන්ද "ස්වාමි"  හා ස්කන්ධ වූ
හාස්කම වුණු තැන.

ඒ මෙතැන.
තුවක්කුව අතැතිව
බූට් දාගෙන
ඔබ මොබ යන
සිනහසෙන තිලීපන්
මා දුටුව තැන.

ඒ මෙතැන.
මිනී ගඳ
මා උගත් තැන.

"ඔව්, වික්ටර් මළා."
තිලීපන් කියයි.

දැන්,
පරවෛ කාවඩිකරුවෝ
දුහුවිල්ලෙ පෙරළෙනා බැතිමත්තු,

අපේ සංදර්ශන!

 

රුද්‍රමූර්ති චේරන්


© JDS


පරිවර්තනය - සංජුලා ඕෂනී පීටර්ස්