ගේ කුරුල්ලා

 

බිරිඳ රට ගිය
මගෙ මිතුරගෙ
තනි රකින්නට
ඇවිල්ලා

කාමරයටම රිංගලා

කිචි බිචි කියමින්
පාලුව මකනා
ගේ කුරුල්ලෝ

තෑගි කොච්චර
නුඹට ලැබුණ ද?

ආයෙ එන දවසකුත්
කිව්ව ද?

 

සෙනරත් ගොන්සල් කෝරාළ


© JDS