ඔබේ නිවසින් පිටත

 

ර ඈත කන්දක
පහන් දැල්වෙන තැන
ඔබේ නිවසත් තියෙනවාද?

රෑ බතට
කරවල බැදුමක් ඉදෙනවාද?

කිරිකැටි බිළිඳෙක්
තොටිල්ලක ගුලිවී නිදනවාද?

මෑත කන්දෙහි
ලැගුම්හල් කුටියක
මා සිරව සිටින බව නොදැන
ඉදිරිපස දොර
හඬනගා වසනවාද?

 

රසිකා ගුණවර්ධන


© JDS