මගේ මල පුඬුව, ඔබේ රන් කූඩුව

 

මූණු, ඇස් අමතක
තොල්, කකුල්, අත් අතර පැටලී
තෙත සෙවල වගුරුවා
ඔක්කාරයට එන විට
කාරා කෙළ ගසා
පිටව එමි

අඳුරු වැටකේ පඳුරු
ලාබ හෝටල් කාමර
පාළු දුම්රිය මැදිරි
සිහිනෙනුඳු ඔබ නොසිතන
අඳුරුතම තැන් තුළ සිට
නැවත නැවතත් එමි

මද සිනා සහිතව
දිවා ආලෝකය මැද
ඔබ විසින් තැනූ රන් කූඩුවේ
සතුටෙන් සුවෙන් බව
පෙන්වා සිටී ඔබ

මෙරුවෙකු, පළා ගිරවෙකු ලෙස
අඳුරින් මතුව
දැවී ආලෝකයෙන්
නැවත නැවතත් අඳුරටම යමි

 

ඉසුරු චාමර සෝමවීර


© JDS