රොහින්ග්‍යානුවන් හා අප


මාගේ දෙවියනි!
අත් හළෙමි මම මගේ  දරුවා
සමා අයැදිය නොහැක ඔබගෙන්
ඉදින් මින්මතු.

දරුවා ඝාතනය කරන්නට
මිනිත්තු  තුනකට මත්තෙන්
ඔබ, මගේ  අත් කපා දැමී ය.

රිදුම, ශෝකය, ලතෝනිය මැද  
ඔබේ දයාව නො මැති ය.

ඒ තියුණු හෙල්ලයෙන්
පසාරු කෙරෙන විට හෙමි හෙමින්
මගේ  බිළිඳාගේ උදරය තුළට,
ඔහු මවෙත හෙලූ ඒ
අපහාසමය බැල්ම,
නපුරු සාපයක් වී
ඔවුන'තර රැඳේවා යැයි පතා
මම නික්මුණෙමි.

2.

දඹ පැහැ සිවුරු ලෑ භික්ෂුණිය,
කමා කරනට
හිරු, නොදන්නා බව
පවසයි.
ඈ  පාත්‍රය තුළ,
දරුවෙකුගේ කපාගත්  අතක්.

3.

‘රඛයිනයට’ ගොඩබසින විට
මම උන්නේ මගේ බුරුම සරමිනි,
කුංකුම ද චන්දන ද,  
මගේ නළලෙහි තවරා තිබිණ.
‘’ඔබ ‘හින්දු’ නම්,  
කිසි ගැටළුවක් නැහැ’’,
ඔහු-
මා මිත්‍රයා,
හිතවතා,
බොදුනුවා,
මාර්ගෝපදේශකයා-
කීවේ ය,

ඔබේ වර්ණයට නම්
එතරම් පිළිගැනීමක් නැත ය මෙහි
පැහැපත් සම හා මුසු ‘හින්දු’ පෙනුම නම්
මෙහෙට බොහෝ ම උචිතයි.
ඒ වුනත්, අපි බලමු, එන්න යමු මා එක්ක,
ඔහු කී යඉදින් අපි එක්ව පිය  නැගූයෙමු.
‘කැනඩාවෙ ඉන්නවද තළඑළලු නෑයන්’
ම මිතුරා විමසී ය.
මී ළඟ පියවර තබන්නට පෙර  මම
මා හඹා ආ නොහික්මුණු බොදුනු කැළ
මා බෙංගාලියකු බව  
තහවුරු කිරීමට සමත් නොවූ  හෙයින්
අපේ අනන්‍යාතාව රැකගෙන ම
පලායාමට මට හැකිවිණ.

ඉක්බිති
අවුන් සාන් සූ චීට
නෙලුම් මලක් පිදූවෙමි

4.

කුසගින්නෙ වැලපෙනා දරුවෙක්ට   
බත් කටක් (හෝ බිස්කට්ටුවක්) දී  
දරුවාගෙ ගෙළ මිරිකන
මිනිසෙක් දුටුවාද ඔබ ?
මියන්මාරයේ,
ලංකාවේ,
වියට්නාමයේ,
කොංගෝවේ
කාශ්මීරයේ,
යේමනයේ ,
පලස්තීනයේ,
එල් සැල්වදෝරයේ.......


රුද්‍රමූර්ති චේරන්


© JDS


පරිවර්තනය - රිෆ්නා රාසික්  |  සිතුවම: ඔස්වල්ඩෝ ගුවායාසමීන්