කුණු ගොඩේ
මළ කපුටෙකි
සවන සූරන, පාරන
වට අවට
මහ කපුටු සෙනඟකි
වකුටු නිය දරදඬුව
යොමුව ඇත අහසට
ඇරුණු හොට, කළු පබළු ඇස්
යම්කිසි නිහඬ ගැයුමක
නොහඳුනමි මම ඌ
මතක නැත යම් මිහිරි ගැයුමක්
කිසියම්ම කපුටෙකු විසින් ගැයු
සුළඟ විත් පාරයි
කළු කපුටු තටු යට
පෙර නුදුටු
සුදු සිනිඳු පෙඳ
රැගෙන යමි ආපසු
කුණු මළු
ඉසුරු චාමර සෝමවීර
© JDS