හිස්තැනක හිඳ

 

වරග ඉතිරි වුණු
අවසාන රන් රේඛාවද
අතකින් පිසදැමූ පසු..
සන්ධ්‍යාව දැන් ඉතින්
අවසන්‍ ය...

සැඳෑ සාදයෙහි අවසන
හිස් වුණු මධු බඳුන් ගෙන
ආකාස උයනේ තැනින් තැන,
වළාකුළු පවා අසරණය
ඉබාගාතේ ඇවිදින...

අහසේ කෙළවරින් ගිලිහෙන
තරුවක මළානික ප්‍රේමය
ශිශිර සුළඟක හැපී
ගලා එද්දී පාතට..
සියුම් රිදුමක් සමග
ඇසේ..
හදවත් කුහරයක බොල් හඬ...

ප්‍රියාවිය,
නුඹ මැවූ සැඩ සුළඟට
ගිලිහුණු බව හැඟේ
ශිශිරයේ අවසන් තුරු පත....

 

මුදිත්​ විදානගමගේ​


© JDS