කඩියෙක් කෑව අල්ලක
කවියක් තිබේ සුරැකිව.
රතු පාට ඉහිරී
පලුවකින් සැරසී
ධන රේඛාව පරදා
දෙන සංකාව එසවී.
පිඹිමි පිරිමදිමි
සිතමි සිපගනිමි.
හිමිකම් අහිමි සුළඟට
ඔහොම ඉන්නැයි කීවට
ඇයි කඩිමුඩිය කුමකට
එහි ඉඩ තිබුණි රිදුමට.
කවියෙක් ගාව අසුනක
කඩියෙක් සිටී මතකෙක.
ඒ නුඹය කෙනිත්තූ හිත් දල්ල
කඩියාට පර්යාය පොඩි කෙල්ල
කසුන් මහේන්ද්‍ර හීනටිගල
© JDS