ප්‍රොමිතියස්

වසන
එළැඹ ඇත
අන්ධකාර යුගය
පූර්ව දැනුම්දීම් ද සහිතවම
අඳුරේය මනුසත්හු
අවැසිව ඇත
උහුහට
ආලෝකය...

නිවී ගොසිනි
අවසන් පුළිඟුවද,
ප්‍රොමිතියුස් කැඳවනු යළි
පළමු ආලෝක පිඬෙහි ඇඹූ යදමින්
බැඳ දැමූ තැන ඇති
‘ඔහු’ තවම
පපු කැවුතු ඇද කනු ඇත
ගිජු ලිහිණියන්,
මිනීමරු
උකුස්සන් හා රාජාලියන්
එහෙත් ඔහුට පමණි හැකි
වීරයෙකු හා දුෂ්ඨයකු වන්නට එකවර!

 

නදී වාසලමුදලිආරච්චි


© JDS