කාක සේනාව
මැද
නේක ගෝසා
අතර
නගර තුරු
සිරස නුඹ
ගිමත් සරතැස
දුරැ'ර
අලුත් අරුණලු
කැටුව
වසත් කල
එනු ඇතැ'යි
දොඩයි නුඹ
දලුත් කැකුළුත්
මැරුණ
දොළත් ගං හෝ
සිඳුණ
සඳත් අවරෙහි
ගිලුණ
කලත් නුඹ
මුව මෙබස
නුඹේ රැවටිලි
තෙපුල
ජනී ජන
මුවින් මුව
දිවා රැය
දිව මතුර
ලයත් විරිතත්
ගිලිහි
පදත් අරුතත්
අහිමි
නුඹේ බස ,
රොඩුත් වසුරුත්
ගිලින
කුණෙත් කිලුටෙත්
ලගින
කාක ගොස
මග නො මග
නො ම දකින
මුසා ඇස!
විජය නන්දන පෙරේරා
© JDS