ඉතින් නික්මිය හැකිය

 

සන්තය මැද වුවද
ඉතින් කම් නැත සොඳුර
නුඹට රිසි නම් නික්ම ගිය හැකිය...

ඉවුර අස උණ පඳුරු
නුඹ ව විමසිය හැකිය;
උද්‍යාන බංකුවට
අපව සිහිවිය හැකිය;
එහෙත් මට නිහඬවම සිටිය හැක

වසන්තය මැද ඇසෙන
සොඳුරුතම කුරුළු ගී,
කහ පැහැති මල් පිරුණු
ලිය මඬුළු, ආරුක්කු
මගැ‘ර පිට පාරකම ගිය හැකිය

අතරමග මුණගැසෙන
පෙම්වතුන්, හිතවතුන්
හුරුපුරුදු නුඹ නොමැති
කරුණු විමසන කල්හි
සිනා සී කුමක් හෝ කිව හැකිය

සියවසක් තැත් කළද
යළිදු සැකසිය නොහෙන,
බිඳුණු හිත් කවුළුවෙන්
ඇතුළු හදටම වදින
රුදු මතක රළ පෙළින්
මුවා විය හැකි මගක් කියා දී;
වසන්තය අතරමග
ඉතින් රිසි නම් නික්ම ගිය හැකිය...

 

සෞම්‍ය සඳරුවන් ලියනගේ


© JDS