පෙම්වතියන්නේ පෙම්වතියන්නේ මහා සාගරේ

 

පැරැණි පාළු දෙවොළක
වර නැගෙයි ප්‍රේමය

හුරු අත් නුහුරු කර
නුහුරු අත් හුරු කර
දවා හද සඳුන් දර
වඳී ඔබ ඔබෙ පිළිරුව

විටෙක අසෙනිය මලකී
විටෙක ලෝ දිය ගඟකී
පියුමකින්, ගිනි සිළුවකින්
සෙළකින්, නයි කඳුළකින්
මැරි මැරී යළිත් උපදී

කරිකාල් අම්මයිර්
තවමත් මෙතැන රැවු දේ
ඔබේ තාලම් පට හඬ
සළඹ හඬවන කන්නගී
දැවේ තව මදුරා පුර
සෙලුව සඟවන දෞපදී
ඉවර නැත තව දූ කෙළි

මනම්පේරී එයි
ඉසිප්‍රියා හට ඇඬුම් එයි
රාවණා රන් දෝලී
මන්දෝදරී නිහඬයි

වග වලස් වෙස් ගෙන වර වර කුවණ්නා
කළු කපුරු දුම් මැද මැවියන් කාලි අම්මා

හද මුහුද කැළැඹී
දළ රළ නගන්නා
රතු වද මල් පැළඳ
කවුදෝ හඬන්නා

 

ඉසුරු චාමර සෝමවීර


© JDS