සුළැඟිල්ල

 

නිරිතදිග මෝසමක අවසන
වප් මහේ දිලිසෙන සැඳෑවක
"පුතා"යැයි නම් කළ
මිනිබිරියකගෙ හද කැන
ස්නේහයම නිදහන් කළ
සීයාගෙ සුළැ'ඟිල්ල යළි හමු විය

"බජිරි කුඩමැට්ටා පෙරළා
පසෙන් වට්ටා
නොහැක දමනට දොට්ටා"

කුබෝටාව සැරවෙයි
නැවුම් පස නොපිට පෙරළෙයි
සුළැඟිල්ල බර වෙයි
සුහුඹුල් අතක් එහි එල්ලෙයි

දැන් දැන් තනි මඟ යනෙන හැමවිට
සීයාගෙ සුළඟිල්ල හමු වෙයි
පුරන් යායම හිනැහෙයි!



ධනුෂ්කා නිෂාදි කුලරත්න


© JDS