අඳුර

ඳුර තවරා ඇත - සන්ධ්‍යාව විසින්
හැම වස්තුවක් මත ම

සැලෙන සෙවනැලි පරිදි
අදිසි මිනිසුන්ය - හදිසි

හිස ඉහළ හිස් බවකි
ඊට
අහස යයි නමකි

මම
තව ම
දවස දෙස බලා ඉමි

‘ඉර බැස ගියේය
හඳ පායා ආවේය
කුරුල්ලෝ කැදලි කරා පියාඹා ගියෝය’

 

දමිත් උදයංග දහනායක


© JDS