එක්කො වැස්සෙම ඉගිල්ලෙමු අපි ලිහිණී

 

ර අතන ඉර කුසුම - මළ පුසුඹ
අන්තිමට හුස්ම ගත් තැන - අරා මහ'ඳුර
නොරොක් මූණට වැහි වළාවෙක
බල්ටි ගහනා වැහි ලිහිණි නම් - ඇයි කියන් ප්‍රීතී???

ඒ වැහි ඇනි ඇනී
තෙමෙන හැටි අපි හුඟක් ලිහිණී
කුඩ ගත්තු පෙම්වත්තු
උනුන් තුරුලේ ගැහි ගැහී
නික්ම ගිය හැටි ලහි ලහියේ
කුඩ අස්සේ වැහි වැහී

අත්තක ඉත්තෙක වසා සිටිනෙමු
මුවා වෙනු රිසි අසෙනි වැස්සෙන්
හීතලෙන් ගැහි ගැහී මා ලිහිණී
සොයන්නී උණු හුසුම
මා ළයෙහි ගිලි ගිලී

අත්තටුත් ඇඟ මසට රැළි ඇලී
මා සිඟිති කිරිල්ලී
රවන්නී මා ඇසට - උකුස්සී
නෑ තාම උණු හුසුම්
මා ළයෙහි,
දනිමි මා දනිමී......

ඉතින් සියුමැලිය මා ලිහිණී - මාද නුඹ මෙනි
අසෙනි වැසි යටම තෙමි තෙමී
කුඩයක් තිබුනි නම් අපට හිමි
ඉගිලෙන්න නොතෙමී
අපට ඉඩ නෑ, අහිමී...

 

සුදර්ශන සමරවීර


© JDS