නවතිමි

ලපු අහස කොන්කළ
ලෝකෙ කැතම ඉර
පනිනකොට මූදට,
සුදු ඇඳන් බාග හඳ
බාගෙට නැඟගෙන
අහසට

හැඬුම්බර ලිහිණියෙක්
සෝබරව නමාගත්
ගිරිහිස මත

ඉර ඇබිති දිය කරයි
නොරිද්දා
නිස්සද්ද ලුණු හුළඟ

ඔබත් ගෙන
කාකයින්ට යන්න දී
මළගමට,
නවතිමි
රළ බිඳෙන තැන
මළබෙර හඬට

..............
.......
.................
......
.........

ඔබ ඔ-තැන
මම මෙ-තැන




සංජුලා ඕෂිණි පීටර්ස්


©  JDS