හිත - වත...!

දැන්
කිසිත් නැත
ශේෂයකුදු ඉතිරි වී නැත..

නැත..එලෙස නොම වෙත
කිසිත් නැත.
කිසිවක් නැත්තේ ද නැත.

එහෙත් නිදහස් ය හිත
කල්ප කාලයකට පසුව
දැනේ.., නිදහස් ව හිත.

නැත පෙර තිබූ බර- හිත
නැත නැත
දැන් දැනේ බර පතුලට ම - හිත

ඇරඹුමක් යළි නො වෙත
අවසන් ද වී නො මැත,

සැහැල්ලු ය හිත-- හිස් කළ හෙයින්
බර ය හිත- එක් කරගත් හෙයින්.

කිසිත් නැත..
කිසිවක් නැත්තේ ද නැත..!

 

නර්මදා රණවීර


© JDS