ඉපැරණිම ඒ නැවතුම

 


දුටිම් සුහදිනි හවසක
කඩා ඇත බස් නැවතුම;
අළුත් උයනක පැහැයට
නොපෑහුණු එම නිවහන

බොහෝ ඉපැරණි දවසක
නුඹව හමුවුණු හවසක
හදේ ගැඹුරක නැවතුණ
සෙනේ දැන හුන් නැවතුම

එදා සිට හැම හවසම
අපේ සුව දුක් විමසුව;
මනෝ මන්දිර ඉදිකළ
මතක ඇහිරුණු නැවතුම

“බඳින්නැතිදැයි අද හෙට?“
අසා හෙමිහිට ඉඟිකළ
විඩා පිරිපත පිස හළ
සිනා සපිරුණු ඉසිඹුව

ඉතා කළුවර හවසක
නුඹේ නික්මණ දැනගෙන
මටත් වැඩියෙන් වැළපුණ
අපේ ඉපැරණි නැවතුම

 

සෞම්‍ය සඳරුවන් ලියනගේ


© JDS