කදෝකිමියෙක්

වල් දවසෙම
ඇවිලෙමින් ඉඳ
වැඩ ඇරී ඉර
ගියපු මොහොතක

ණයට ගත් රැස
දියට වගුරන
සඳ පළාතක
නාපු දවසක

අඳුර කිමිදී කදෝකිමියෙකු
උගෙම එළියෙන් මං හොයාගෙන
අවුත් සෙළවෙන තුරුපතක් මත
නිසොල්මන් වී වාඩිලාගෙන

විදුලි පහනෙන් අකුරු අහුලන
මං දිහා හිටියා බලාගෙන

නිසොල්මන් වී වාඩිලාගෙන.....

 

ප්‍රසාද් වීරසිංහ


© JDS