තුෂ්නිම්භූත තුරුපත්

 

දිසියේ වට වැස්සෙන්
තුෂ්නිම්භූත වූ
තුරුපත්
බලා සිටියි,
හිස නූස්සාම
වැටෙන වැහි බිඳු දෙස;

තමන්වත් සෝදාගෙන
ගලා හැලෙන


රාත්‍රිය

 

රැ

හැයියෝ ඉකිබිඳිති;
ගෙම්බෝ සුසුම්ලති.
ගලායයි,
දොළපාර හඬමින්ම.
නිශාචරයෙක්
කෑ ගසමින්
ඉගිළ යයි,
කොහේදේ.

පළඟැටියනි ඔබත් ඉන්නවාද
මේ නිශා සංධ්වනියේ
කොහේ හෝ යම් තැනක

 

හංසයන් නොමැත

 

හං

සයන් නොමැති
හංස බෝට්ටු
සුසුම්ලමින්
නැංගුරම් ලා ඇත
වැව අස.

ඉවරවෙන්නේ කවදාද
මේ වසංගතය

 


නර්මි රණවීර


© JDS