JDS Sinhala

වධ හිංසාවලින් ලංකාව සයවැනි වරටත් මුල්තැන ගනියි

සිය පුරවැසියනට වධහිංසා පමුණුවන රාජ්‍යයන් අතුරින් ප්‍රමුඛ ස්ථානය ශ්‍රී ලංකාවට නැවත වතාවක් හිමි ව තිබේ. ලෝකයේ වඩාත් ම වධහිංසා සිදුකෙරෙන රට ලෙස ශ්‍රී ලංකාව එක දිගට ම නම්කරනු ලැබූ හය වැනි වසර මෙයයි.

වධහිංසාවන්ගෙන් මිදීමට රටවල් 76කින් පැමිණි පිරිස්වලට උපකාර කළ බ්‍රිතාන්‍යය පදනම් කරගත් 'වධහිංසාවලින් නිදහස' (Freedom from Torture - FFT) සංවිධානය පසුගිය වසෙර් දී ශ්‍රී ලංකාවෙන් පැමිණි වින්දිතයන් 230  දෙනකු මුණගැසී තිබේ.

මේ වින්දිතයන් ප්‍රමාණය මෙම ලැයිස්තුවේ දෙවැනියට වැඩිම වධහිංසා සිදුවන රට වශයෙන් දැක්වෙන ඉරානයෙන් හමු වූ වින්දිතයන්ගේ සංඛ්‍යාවට වඩා බෙහෙවින් වැඩි අතර, FFT සංවිධානය පසුගිය වසරේදී මුණ ගැසුණු ඉරාන වින්දිතයන් සංඛ්‍යාව 140කි.

සිදුවීම් 57ක්

"වධ හිංසාවෙන් නිදහස' සංවිධානයේ සේවාවන් සොයා, වධහිංසාවලට ලක්වී බේරුණු පුද්ගලයන් වැඩිම පිරිසක් ආ රට බවට පිට පිටම හය වැනි වතාවටත් ශ්‍රී ලංකාව පත්වී තිබේ. මෙසේ උපදෙස් පතා පැමිණියවුන්ට 2015 වසරේ වත්මන් ආණ්ඩුව බලයට පත්වීමෙන් අනතුරුව රඳවා තබාගත්තවුන් හා වධ හිංසාවට ලක්වූවන් ද ඇතුළත් යැයි" FFT සංවිධානය කියා සිටින්නේ වධහිංසා සිදුවන්නේ කොහේද? (Where Does Torture Happen?) යනුවෙන් 2016 වසර සඳහා වන සිය ජාත්‍යන්තර දර්ශකය එළිදක්වමිනි.

එක්සත් රාජධානියේ සිට ආපසු ශ්‍රී ලංකාවට ගිය අවස්ථාවේ දී වධ හිංසාවන්ට ලක්වූ සැළකිය යුතු වින්දිතයන් සංඛ්‍යාවක් ගැන ද තමන් වෙත වාර්තා විණැයි එම සංවිධානය කියා සිටියි.

මීට ඉහත දී, දකුණු අප්‍රිකාවේ ජොහැන්නස්බර්ග් නගරය පදනම් කොටගත් ජාත්‍යන්තර සත්‍යය හා යුක්තිය ව්‍යාපෘතිය ​(International Truth and Justice Project - ITJP) විසින් ද 2016 / 17 වසරවල දී සිදු වූ පැහැරගැනීම්, වධහිංසා සහ / හෝ ලිංගික හිංසනයන් පිළිබඳ සිදුවීම් 57කට අදාළ සවිස්තරාත්මකතොරතුරු ප්‍රකාශයට පත් කරනු ලැබුණි.☐

© JDS


left

Journalists for Democracy in Sri Lanka

  • ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS), ලොව පුරා ජනමාධ්‍යවේදීන්ගේ අයිතීන් සුරැකීමට කැප වූ 'දේශසීමා රහිත වාර්තාකරුවෝ' සංවිධානයේ ශ්‍රී ලාංකික හවුල්කාර පාර්ශ්වයයි.