අහ්නාෆ් ජසීම්ගේ නිදහස වෙනුවෙන් ජාත්‍යන්තර සංවිධාන සමූහයක් රජයට බලකරයි

වි පොතක් ලියා පලකිරීම නිසා ත්‍රස්ත නීති යොදාගෙන හිරගත කොටගෙන ඉන්නාවූ අහ්නාෆ් ජසීම් නිදහස් කරන ලෙස ඉල්ලා ගෝඨාභය රාජපක්ෂ පාලනයට කෙරෙන ජාත්‍යන්තර බලපෑම එන්න එන්නම දැඩි වෙමින් පවතී.

කිවියර හා ගුරුවර අහ්නාෆ් ජසීම් සිරගත කර අවුරුද්දක් පිරෙන දිනයේ මානව හිමිකම් සහ ප්‍රකාශනයේත්, නිර්මානකරණයේත් අයිතිය සඳහා වන ජාත්‍යන්තර සංවිධාන සමූහයක් හා එක්ව දියත්කෙරෙන ඒකාබද්ධ විරෝධතාවකට සම දායකත්වය දෙමින් JDS සංවිධානය ඉල්ලා සිටින්නේ ඔහු වහාම නිදහස් කරන ලෙස ය.

සම්පූර්ණ නිවේදනය මෙතැනින්

එසේ නැතහොත්, සාධාරණ නඩු විභාගයක ඔහුගේ නිර්දෝෂී භාවය ඔප්පු කරන්නට ඉඩ සලසා දීම සඳහා කඩිනමින් චෝදනා ගොනු කරන ලෙස පෙන් ජාත්‍යන්තරය (PEN), ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය (AI), ශ්‍රී ලංකාවේ සාමය හා යුක්තිය සඳහා ව්‍යාපාරය (SLC), ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS), ශ්‍රී ලංකාව පිළිබඳ ක්‍රියාකාරී සංවිධානය (IWG), ශ්‍රී ලංකාවේ සත්‍යය හා යුක්තිය සඳහා ජාත්‍යන්තර ව්‍යාපෘතිය (ITJP), යුක්තිය හා වගවීම සඳහා මධ්‍යස්ථානය (CJA), ජාත්‍යන්තර යුක්තිය සඳහා ඕස්ට්‍රේලියානු මධ්‍යස්ථානය (ACIJ), ආර්ටිකල් 19, හියුමන් රයිට්ස් වොච් (HRW), IMADR, PEARL, සහ FREEMUSE යන සංවිධාන ශ්‍රී ලංකාවේ ආණ්ඩුවට බලකර සිටියි.

එමෙන්ම, සිරගත මුස්ලිම් කවියා නඩු නැතිව රඳවා තබා ගැනීමට යොදාගෙන ඇති විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ සුළුතරයන්ට එරෙහිව මානව හිමිකම් උල්ලංඝන කිරීමට මග පාදන, බරපතල දෝෂසහගත ත්‍රස්තවාදය වැළක්වීමේ පනත (PTA) වහාම අහෝසි කරන ලෙසද එම සංවිධාන එකතුව ඉල්ලා සිටී.☐

© JDS