එක්සත් ජාතීන්ගේ නීති සම්පාදක මණ්ඩලයට නම්කළ ශ්‍රී ලංකාවේ අපේක්ෂකයාට විරෝධය

ජා

ත්‍යන්තර නීති සම්පාදනයේ වගකීම සහිත එක්සත් ජාතීන්ගේ ආයතනයකට පළමු රාජපක්ෂ පාලන සමයේ  ශ්‍රී ලංකාවේ අග්‍ර විනිශ්චයකාරවරයා තේරී පත්වීම වළක්වනු පිණිස JDS සංවිධානය, සත්‍යය හා යුක්තිය සඳහා වන ජාත්‍යන්තර ව්‍යාපෘතිය (ITJP) සමග එක්ව ජාත්‍යන්තර ආයාචනයක් දියත් කර තිබේ.

2023 ජනවාරි 1 දායින් ආරම්භ වන පස් අවුරුදු ධුර කාලයක් සඳහා ජාත්‍යන්තර නීති කොමිසමේ සාමාජිකයන් තෝරා ගැනීම සඳහා එක්සත් ජාතීන්ගේ මහා සභාව මේ අවුරුද්දේ නොවැම්බරයේ ඡන්දය විමසීමට නියමිත ය. 34 දෙනකු වන සමස්ත සාමාජික මණ්ඩලයෙන් අට දෙනකු තෝරා පත් කරගනු ලබන්නේ ආසියා ශාන්තිකර කලාපීය රටවල් අතරිනි.

ජාත්‍යන්තර ආයතන සහ නීතියේ ආධිපත්‍යය නොමග යැවීමේ විස්මය දනවන ප්‍රයත්නයක් දරමින් ශ්‍රී ලංකාවේ ආණ්ඩුව විසින් නම් කොට ඇත්තේ රටේ ප්‍රධාන නීති නිලධාරියා වශයෙන් සිටියදී සිදුකෙරුණු බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම්, ඝාතන, වධබන්ධන සහ ලිංගික දූෂණ සිදුකළ අපරාධකරුවන් එම අපරාධයන් සම්බන්ධයෙන් වගඋත්තරදායක කිරීමට අසමත් වීම නිසා අවමානයට පාත්‍ර වූ මොහාන් පීරිස් ය.

ශ්‍රී ලංකාවේ මාධ්‍යවේදීන් හුදෙක් සිය රැකියාවේ යෙදීම නිසාම පැහැරගෙන ගොස්, අතුරුදහන්කොට, මරා දමා, කුරිරු වධහිංසා කොට, සිරගත කරන ලද සමයක බලයේ සිටියකු වන ඔහුගේ නාම යෝජනාවට විරෝධය පළ කරමින් සහයෝගීතාව පලකරන ලෙස JDS ලොව පුරා මාධ්‍ය අයිතිවාසිකම් සංවිධාන වෙත විශේෂ ආයාචනයක් කරයි.

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය මොහාන් පීරිස්ට විරුද්ධව ඡන්දය පාවිච්චි කළ යුත්තේ ඇයිදැයි විස්තර කරමින් ITJP සහ JDS විසින් නිකුත් කරන ලද ඒකාබද්ධ ප්‍රවෘත්ති නිවේදනය මෙතැනින් කියැවිය හැකි ය.

© JDS