බූස්සේදී සුදු වෑන් රියකින් පැහැරගත් තරුණයා නවගමුවේදී පොලිස් වෙඩිල්ලෙන් මරුට

වි

සිපස් හැවිරිදි තරුණයකු පොලිසිය විසින් අත් අඩංගුවේ දී වෙඩි තබා ඝාතනය කිරීම ශ්‍රී ලංකාවේ සිරකරුවන්ගේ අයිතිවාසිකම් පිළිබඳ ක්‍රියාධරයන් විසින් නඩු නැති මනුෂ්‍ය ඝාතනයක් ලෙස හෙලා දැක තිබේ.

වසර අටක් රැඳවුම් භාරයේ සිටි මාබුලගේ දිනිත් මෙලන් මාබුල, දකුණු පළාතේ දී සුදු වෑන් රථයකින් රැගෙන යනු ගිය බවට චෝදනා නැගී දිනකට පසුව කඩුවෙල ආසන්නයේදී ඝාතනය කර දමා තිබේ.

ඔහු බූස්ස සිර කඳවුරේ සිට ඔහු ගෙනයනු ලැබූ බව දැනගත් විගසම තම තරුණ පුත්‍රයා රැඳවුම් භාරයේ සිටියදී අතුරුදහන් වී ඇති බවට ඝාතනයට පෙර දින ඔහුගේ දෙමව්පියන් විසින් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිලි කර ඇත.

"කප්පම් ගැනීම් සහ අපරාධ සිද්ධීන් කිහිපයක් සම්බන්ධයෙන් මෙලන් මාබුල නොහොත් 'ඌරු ජුවා' පොලීසියට අවශ්‍යව තිබූ අතර, නවගමුවේ දී ඇතිවූ සිදුවීමක් අතරතුරදී පොලිස් වෙඩි පහරින් මියගොස් තිබේ" යැයි අගනුවර පැවති මාධ්‍ය සාකච්ඡාවකදී පොලිස් ප්‍රකාශක අජිත් රෝහණ ජනමාධ්‍යවේදීන්ට පැවසීය.

වසරකටත් අඩු කාලයක් තුළ පොලිස් අත්අඩංගුවේ දී සිදුවූ බවට වාර්තා වන නමවැනි පුද්ගල ඝාතනය මෙය වන අතර, නවගමුවේ දී සිදුවූ දෙවැන්න යි මේ. මෙවැනි අවස්ථා බොහෝ විට පොලීසිය විසින්, "ගිනි අවි හෝ මත්ද්‍රව්‍ය පෙන්වීමට සිරකරුවා රැගෙන යන විට සිදුවූ වෙඩි හුවමාරුවකින් ඝාතනය වූවක්" ලෙසට ප්‍රකාශ කිරීම පුරුද්දක් වී තිබේ.

එම අවස්ථාවේ නවගමුව පොලිස් ස්ථානාධිපති දිනේෂ් අත්තරගම භාරයේ මෙලන් මාබුල සිටි බවට අනාවරණය කිරීමට හැකි විශ්වාසදායක තොරතුරු JDS සතුව ඇත.

“මෙම ඝාතනය සම්බන්ධයෙන් නවගමුව පොලිස් ස්ථානාධිපති වගකිව යුතුය,” යි සිරකරු අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ කමිටුවේ (CPPR) කැඳවුම්කරු සුදේශ් නන්දිමාල් සමාජ මාධ්‍යවලට නිකුත් කළ වීඩීයෝ පණිවිඩයක් මගින් කියා සිටී.

සුදු වෑන්

මැයි 10 වන දින පොලීසිය විසින් මෙලන් මාබුලගේ දෙමාපියන්ට දන්වා ඇත්තේ ගාල්ල දිස්ත්‍රික්කයේ බූස්ස රැඳවුම් කඳවුරෙන් ඔහු ඇප මත මුදා හරින බවයි. එනමුත් මාබුලගේ මා-පියන් මේ පණිවිඩය ලද වහාම එදින දහවල් බූස්ස රැඳවුම් කඳවුර වෙත ගිය විට එහි බලධාරීන් ඔවුන්ට දන්වනු ලැබ ඇත්තේ සිය පුත්‍රයා සුදු වෑන් රථයකින් රැගෙන ගොස් ඇති බවයි. එහි දී තම තරුණ පුත්‍රයා පැහැරගෙන ගොස් අතුරුදහන් කිරීම පිළිබඳව ඔවුන් වහාම ශ්‍රී ලකාවේ මානව හිමිකම් කොමිසමට පැමිණිලි කර ඇත.

ඊළඟ දවසේ පොලිසිය දෙමාපියන්ගෙන් ඉල්ලා ඇත්තේ ඇප මත නිදහස් කරණු ලබන ඔවුන්ගේ පුත්‍රයා බාර ගැනීමට නවගමුව පොලිසියට පැමිණෙන ලෙසයි. පණිවිඩය ලද විගසින් මේ දෙමව්පියන් එදින රාත්‍රී 9 ට පමණ නීතිඥ හරිෂ්ක සමරනායක සමඟින් පොලිසියට ගියමුත් ඔවුන්ට එයට ඇතුළුවීමට අවසර දී නොමැත. උප පොලිස් පරීක්ෂකවරයකු ඔවුන්ට දන්වා ඇත්තේ මෙලන් මාබුල සම්බන්ධයෙන් විමර්ශනයක් කිරීමට ස්ථානාධිපතිවරයා ඔහු පිටතට රැගෙන ගොස් ඇති බවයි.

මේ මධ්‍යම රාත්‍රියේ දී තම පුත්‍රයාට සිදුවිය නොහැක්කේ කුමක් දෝයි යන්න ගැන භීතියට පත් ඔහුගේ මා-පියෝ හදිසි දුරකථන ඇමතුම් අංක වලට සහ මානව හිමිකම් කොමිෂන් සභාවට ඇමතුම් ගැනීමට වැර දරා තිබේ.

ඒ බව දැනගත් CPPR කමිටුවේ ප්‍රධානියා සමාජ මාධ්‍ය ඔස්සේ මෙලන් මාබුලට හානියක් සිදුවිය හැකි බවට අනතුරු අඟවා ඇත්තේ පොලිස් අත් අඩංගුවේ ඝාතන සම්බන්ධයෙන් තමන් සතු අත්දැකීම් ඇසුරෙනි.

“බුස්ස බන්ධනාගාරයෙන් ඊයේ ඇප මත නිදහස් වු දිනෙත් මෙලාන් (ඌරැ ජුවා) යන සැකකරු නැවත අත්අඩංගුවට ගෙන මෙවන විට නවගමුව පොලීසියේ රදවා තබාගෙන සිටී. ඔහුගේ නීතිඥයා පොලිසිය විමසී⁣මේදී විමර්ශන සදහා ගෙනයාමට තිබෙන බවත් සොයා ගැනීමට තිබෙන බව දැනුම් දී තිබේ. ආයුධ සොයන්න රැ⁣ගෙන ගිය බොහෝ සැකකරුවන් අවසන් ගමන් ගිය හැටි අපට අමතක නැත,” යි නීතිඥ සේනක පෙරේරා මැයි 11 දා රෑ 10.30ට මුහුණු පොතේ තැබූ සටහනකින් පවසා තිබුණි.

මේ කිසිවකින් මොනයම්ම වූ සහායක් ලැබීමට පෙරාතුව, තම පුත්‍රයා ඝාතනය කර ඇති බව ඔහුගේ මා පියන්ට ගුවන් විදුලියෙන් අසන්නට ලැබුණි.

“දැන් වෙලාව රාත්‍රී 12.50 .ආරංචියක් ආව එයාව මරල,” යි නීතිඥ සේනක පෙරේරා සිය මුහුණු පොතේ තවත් සටහනක් යොදා තිබුණි.

සිරකරුවන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ කමිටුව නිවේදනය කර ඇත්තේ තමන් මේ සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවයි.☐

© JDS