අතුරුදහන්වූවන් සහ දේශපාලන සිරකරුවන් ගැන කොළඹදීත් උද්ඝෝෂණ

තුරේත් දකුණේත් අතුරුදහන්වුවන් ගැන සොයා බලන ලෙසත් දේශපාලන සිරකරුවන් නිදහස් කරන ලෙසත් නව ආණ්ඩුවට බල කෙරෙන උද්ඝෝෂණයක් බදාදා (11) කොළඹ නගරයේ පැවැත්විණි. අතුරුදහන්වුවන්ගේ හා දේශපාලන සිරකරුවන්ගේ ඥාතීන්  මෙන්ම බහුජන සංවිධානහා දේශපාලන පක්ෂ නියෝජිතයන්ගේ සහභාගිත්වයෙන් පැවති මේ උද්ඝෝෂණය කැඳවා තිබුනේ අතුරුදහන්වුවන් පිළිබඳ සොයා බැලීමේ කමිටුව (CID) මගිනි.

දේශපාලන සිරකරුවන්

උද්ඝෝෂණයට එක්ව සිටි නව සමසමාජ පක්ෂයේ නායක හා ජාතික විධායක සභාවේ සාමාජිකයෙකු වන ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න පැවසූයේ 1971 දී වසර දෙකක කාලයක් දේශපාලන සිරකරුවෙකු වූ වත්මන් ජනාධිපතිවරයා යටතේ දේශපාලන සිරකරුවන්ට යුක්තිය ඉටුවිය යුතු බවයි.

"71 දී සහ ඊට පසුව සිදු කළාක් මෙන් විශේෂ උසාවියකින් හෝ නීතිඥ මණ්ඩලයක් විසින් මේ දේශපාලන සිරකරුවන්ට පොදු සමාවක් දිය යුතුයි," ඔහු කීය.

උද්ඝෝෂණ රැල්ලක්

අතුරුදහන්වුවන් සොයා දෙන ලෙසත් , දේශපාලන සිරකරුවන් නිදහස් කරන ලෙසත් ඉල්ලා උද්ඝෝෂණ මාලාවක් පසුගිය දා උතුරු- නැගෙනහිර පළාත්වල ප්‍රධාන නගර කේන්ද්‍ර කරගෙන පැවැත්විණි. අතුරුදහන්වුවන්ගේ දෙමාපියන්ගේ සංගම්, දේශපාලන සිරකරුවන්ගේ ඥාතීන්ගේ සංවිධාන, බහුජන සංවිධාන, සහ එම ප්‍රදේශවල දෙමළ දේශපාලන පක්ෂ නියෝජිතයන් එක්ව ඒවා කැඳවා තිබිණි.☐

©  JDS